Wednesday, October 30, 2024

සෞදි අරාබිය මේ වෙනකොට ලොව විශාලම මෙගා ව්‍යාපෘතිය ආරම්භ කරලා තියනවා

සෞදි අරාබිය මේ වෙනකොට ලොව විශාලම මෙගා ව්‍යාපෘතිය ආරම්භ කරලා තියනවා. සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමාරයාට කඳු සහ කාන්තාර භුමි හරහා කිලෝ මීටර් 170ක් දිග මීටර් 500ක් උස සුවිසල් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට අවශ්ෂ්‍ය වෙලා තියනවා.

එමෙන්ම මීටර් 200ක පමණ පරතරයකින් ඉදිවන මෙම ගොඩනැගිලි දෙක තුල මිලියන දෙකක පමණ ජනතාවකට ජිවත් වෙන්න පුළුවන්ලු. ඒ විතරක් නෙවෙයි සම්පුර්ණ ගොඩනැගිලි දෙක අතරතුර වර්ග කිලෝ මීටර් 34ක ඉඩක් තිබෙනවා.

මේ ව්‍යාපෘතියේ  නම තමයි මිරර් ලයින්, මේ මහා ව්‍යාපෘතිය අවසන් වුනාම එහි ප්‍රමාණය කෙතරම් විශාල වේවිද කිවහොත් ලෝක වෙළඳ මධ්‍යස්ථාන 4000ක් එකලඟ ඉදිකළා වගෙයි.

ලෝකයේ උසම ගොඩනැගිලි අතරේ හතරවෙනි තැනට සෞදි අරාබියත් මේ වෙනකොට සිටිනවා. 

ඇත්තෙන්ම මෙතරම් සුවිසල් ව්‍යාපෘතියක් ඉදිකිරිම අපිට පෙනෙන්නේ මහා මුදල් නාස්තියක් වගේම පිස්සු වැඩක් වගෙයි.

නමුත් සෞදි අරාබිය වැනි රටක් මෙවැනි ව්‍යාපෘතියක් කරන්න හිතුවේ ඇයි? ඔවුන්ට ඒක ඇත්තටම කරන්න පුලුවන් හැකියාවක් තියනවද.

දැනට ඇස්තමේන්තු ගතකිරීම් අනුව මේ සඳහා සෞදි රජය ඩොලර් බිලියන 1000ක ඇස්තමේන්තු ගැන මුදලක් වෙන්කරලා තියනවා. රටට නව ආර්ථික ශක්තියක් ලබාදෙමින් රට තෙල් මත යැපීම අඩුකිරීම සහ සංචාරක කර්මාන්තය සහ තාක්ෂනය යන අංශ දියුණු කරමින් ඒවාට රටේ ඉල්ලුමක් ඇතිකිරීම තමයි මෙහි බලාපොරොත්තුව වෙලා තියෙන්නේ.

මීට අමතරව 2030 වර්ෂය වනවිට නියෝන් නමින් ප්‍රධාන සැලැස්මක් ඉදිරිපත් කරලා තියනවා. ඒ කියන්නේ අනාගත ස්මාර්ට් නගර සැලැස්මක්.

එම ව්‍යාපෘතිය ප්‍රධාන කොටස් 3කින් සමන්විත වෙනවා. අංක 1, පාවෙන කාර්මික මධ්‍යස්ථානයක් රතු මුහුදේ ඉදි කිරීම.

මෙම කාර්මික මධ්‍යස්ථානය මගින් රතු මුහුදේ ගමන් කරන නැව් වලට වරායක් විදියටත් භාවිතා කරනවා.

අංක 2, ට්‍රොජීනා නමින් එළිමහන් හිම ක්‍රීඩා නගරයක් ඉදිකෙරෙනවා. සෞදියේ ටබාක් නගරයට ආසන්නයේ පිහිටා ඇති ශීත කාලගුණයක් සහිත උසම කඳු වැටියේ තමයි මෙම ව්‍යාපෘතිය සිදුකරන්නේ.

2029 වසරේ ආසියානු ශීත සෘතු ක්‍රීඩා උළෙලට මෙමගින් සත්කාරකත්වය ලබාදෙන්නත් සෞදි අරාබිය බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘතිය අවසන් වුනාට පස්සේ ලොව පුරාම සිටින සංචාරකයන් මේ කලාපයට විශාල වශයෙන් ගෙන්වා ගන්න හැකියාව ලැබෙනවා.

මේ ගැන වැඩිදුරටත් කිව්වොත් මිරර් ලයින් කියන්නේ කඳු සහ කාන්තාර භූමියකින් ආරම්භ වෙලා කිලෝ මීටර් 70ක් රට තුලට ගමන් කරන ගොඩනැගිලි දෙකක්.

මෙම ගොඩනැගිලි දෙක තුල පොදු උද්‍යාන කාර්යාල සහ නිවාස ඉදිකිරිම සිදුවෙනවා. ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ අවශ්ශ්‍යතාවය වෙන්නේ සාමාන්‍ය නගරයක තිබෙන යටිතල පහසුකම් සිරස් අතට එකමත එක ඉදිකිරිම.

එමෙන්ම සීයට 100ක් නවීනතම තාක්ෂණයෙන් මෙම නගරය සමන්විත වෙනවා. නරගය ඇතුලේ ජිවත් වන මිනිස්සුන අවශ්ෂ්‍ය ආහාර මේ තුලම වගකිරීමත් සිදුවෙනවා.

මේ නගරයට බලශක්තිය ලබගන්නේ ස්වභාවික ක්‍රම හරහා. ඒ වගේම නවීන ප්‍රවාහන සංකල්ප කිහිපයක්ම මේ නගරය තුල ක්‍රියාත්මක කරන්නත් ඔවුන් හිතාගෙන ඉන්නවා.

සෞදි අරාබිය කියන විදියට මෙම ව්‍යාපෘතිය මිනිස් ශිෂ්ටාචාරයේ දැවැන්තම ව්‍යාපෘතිය වේවි. හරියටම කිව්වොත් මේක අමුතුම ලෝකයක් වගේ.

දැනටමත් සැලසුම් කරලා තියෙන්නේ 2030 වෙනකොට ඉදිකිරීම් සියල්ල නිමකරලා මිලියනයකටත් වැඩි ජනතාවක් මෙහි පදිංචි කරන්න.

හැබැයි ඉතින් මීට කාලෙකට කලිනුත් සෞදි අරාබිය මෙවැනි ව්‍යාපෘතියක් කරන්න ගිහින් අනාගත්තා.

සෞදි අරාබිය මීට කාලෙකට කලින් ලෝකයේ උසම ගොඩනැගිල්ල ඉදිකරන්න පටන් ගත්තා. මේ කුළුණේ උස මීටර් 1000ක්. 2019 වෙනකොට මේ කුලුණේ වැඩ වලින් තුනෙන් එකක් විතර වැඩ අවසන් කරලා අතරමග නතර වුනා.

සමහරවිට මිරර් ලයින් ව්‍යාපෘතියත් බාගෙට වැඩ කරලා අතරමග නවතින්නත් පුලුවන්. බොහෝ දෙනෙකු කියන විදියට මේ ව්‍යාපෘතියේ ප්‍රධානම අරමුණ වෙන්නේ ලෝකයේ අනෙකුත් රටවල් වල අවදානය සෞදිය පැත්තට හරවගන්න.

සෞදි රජය කියන විදියට ඔවුන් සිදුකරන මේ පුදුමාකාර ව්‍යාපෘතිය මැදපෙරදිග කලාපයේ සලකුණක් වෙනවා වගේම වෙනත් කිසිම රටකට මෙවැනි ව්‍යාපෘතියක් සිදුකරන්න හැකියාවක් නැහැ කියලයි.

ඇත්තටම සෞදිය හිතුවා වගේම මේ ව්‍යාපෘති වලට ජාත්‍යන්තර අවදානය විශාල අවශයෙන් ලැබුනා. සෞදියේ මෙම ස්මාට් නගරය ගැන යුටියුබ් එකේ අප්ලෝඩ් කරලා තියන වීඩියෝව මිලියන 50කට අධික ප්‍රමාණයක් නරඹලා තියනවා.

හැබැයි මේ සඳහා රටවල් වලින් ලැබෙන ප්‍රතිචාර නම් එතරම් හොඳ ඒවා නෙවෙයි. නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකුගේ පර්යේෂණ වලට අනුව මේ ව්‍යාපෘතිය අවසාන වෙද්දී කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 2ක් පමණ පරිසරය මුදාහරෙනවා.

සාමාන්‍යයෙන් එම ප්‍රමාණය එංගලන්තය අවුරුදු 4ක් තුල මුදාහරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමාන වෙනවා.

ඒ වගේම සෞදි අරාබිය කියන්නේ දිගින් දිගටම මානව හිමිකම් උල්ලංගනය කිරීම සම්බන්දයෙන් ඇගිල්ල දිගුවන රටක්.

මේ ව්‍යාපෘතිය සිදුවන කලාපය තුල වසර සිය ගණනක ඉඳන් ජිවත් වෙන මිනිසුන්ගේ ජනාවාස තියනවා. ගණනය කිරීම් වලට අනුව මේ ව්‍යාපෘතිය නිසා 20000කට වැඩි පිරිසකට තම වාසභූමි අහිමි වෙනවා.

ඉතින් මේ සඳහා අවශ්ෂ්‍ය ඉඩ ලබාගන්න සෞදි හමුදාව බලහත්කාරයෙන් මිනිසුන්ව වෙනත් ප්‍රදේශ වලට පලවා හරින බවට වෙනත් රටවල් චෝදනා කරනවා. 

මේ විදියට දිගින් දිගටම එල්ලවන චෝදනා වලට කිසිදු ප්‍රතිචාරයක් දක්වන්න සෞදි රජයට හැකියාවක් ලැබිලා නැහැ.

මේ ප්‍රශ්නත් එක්ක මිරර් ලයින් ව්‍යාපෘතියට අවශ්ෂ්‍ය ආයෝජන ලබාදීමට බටහිර රටවල් අකමැත්ත පලකරනවා. විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල් කැමති නැහැ වෙනත් රටක්  මෙවැනි දියුණු ක්‍රමවේද වලින් ඉදිරියට යනවට.

මෙම ස්මාට් නගරයේ තිබෙන සමහර සැලසුම් යථාර්තයක් බවට පත්කිරීමට තරම් නොහැකි ඒවා බවයි බොහෝ රටවල් වල විචාරකයින් පවසන්නේ.

ඒ වගේම මෙහි විශාලත්වය නිසාම වසර දහයකින් කිසි සේත්ම මෙම ව්‍යාපෘතිය අවසන් කරන්න වෙන්නේ නැහැ කියලයි බටහිර රටවල් නම් පවසන්නේ.

No comments:

Post a Comment

ලංකාවට ඩොලර් ගෙනන මුහුදු පිපිඤ්ඤා

ලංකාව අද පත්වෙලා තියන අර්බුදකාරී තත්වයෙන් ගලවගන්න හොඳම ක්‍රමය තමයි විදේශ මුදල් අපේ රටට පැමිණීම වැඩි කිරීම. විවිධ ආකාරයන් වලින් ලංකාවට විදේශ ...