ලංකාව අද පත්වෙලා තියන අර්බුදකාරී තත්වයෙන් ගලවගන්න හොඳම ක්‍රමය තමයි විදේශ මුදල් අපේ රටට පැමිණීම වැඩි කිරීම. විවිධ ආකාරයන් වලින් ලංකාවට විදේශ මුදල් පැමිණියත් රට වැටිලා තියන තත්වයත් සමග එලෙස පැමිණෙන ඩොලර් ප්‍රමාණය ඇත්තටම මදි.
මේ විදියට ලංකාවට ඩොලර් ගෙනන ප්‍රධානම කර්මාන්තයක් තමයි ධිවර කර්මාන්තය කියන්නේ.මත්ස්‍යයින් වගේම විවිධ වටිනාකමකින් යුත් මුහුදු ජීවින් පිටරට යවලා අපේ රටට ඩොලර් එන්නේ අදක ඊයෙක ඉඳලා නෙවෙයි.
නමුත් මුහුදේ සිටින සෑම ජීවියෙකුම අලවි කරන්න ලංකාවේ නීතියෙන් අවසර ලැබෙන්නේ නැහැ. ඒ විදියට අවසරයක් ඇතුව අපේ රටේ මුහුදු තිරයෙන් අල්ලන්න හැකියාව තිබෙන ජීවි විශේෂයක් තමයි මුහුදු පිපිඤ්ඤා කියන්නේ.
විදේශිකයින් මේවාට කියන්නේ සී කියුකම්බා කියලා. මෙම ආහාරයට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ චීනය තුලයි, ඉතින් අපිට මෙම ආහාරය චීනයට අපනයනය කිරීමෙන් වගේම අපේ රටට පැමිණෙන විදෙශිකයින්ටත් ආහාරයක් ලෙස පිළිගන්වන්න පුලුවන්.
එහෙනම් අද වීඩියෝ එකෙන් අපි කතාකරන්නේ ලංකාවම ගොඩදාන්න හැකියාව තිබෙන මේ මුහුදු පිපිඤ්ඤා ගැනයි. එහෙනම් වෙනදා වගේම වීඩියෝව අවසානය දක්වාම රැඳී ඉන්න කියලා ආරාධනා කරන ගමන්ම අපි වීඩියෝවට යමු.
ශ්‍රී ලංකාවේ යාපනයේ ඉඳන් මන්නාරම දක්වා මුහුදු කාලාපය මේ මුහුදු පිපිඤ්ඤා නෙලා ගැනීමට හැකියාව තිබෙන ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙනවා.
නමුත් දැනට ලංකාවේ පවතින නීතියට අනුව දැඩි රෙගුලාසි වලට යටත්ව ලියාපදිංචි ධීවරයන්ට පමණක් මේ මුහුදු පිපිඤ්ඤා ඇල්ලීමට අවසර තිබෙනවා.
මේ ආකාරයට අල්ලාගන්නා මුහුදු පිපිඤ්ඤා නිසි අපමනයන ක්‍රමවේද යටතේ චීනයටත් සිංගප්පූරුව සහ හොංකොං වලටත් යැවීමෙන් අපේ රටට විශාල ආදායමක් උපයා ගැනීමට හැකියාවක් තිබෙනවා.
හැබැයි නීති විරෝධී අයුරින් හොර රහසේ මේ වැඩේ කරන්න ගිහින් නීතියේ රැහැනට හසුවෙන්න එපා.
අද වනවිට තිබෙන ඉල්ලුමත් සමග මුහුදු පිපිඤ්ඤා කිලෝවක් ඇමරිකානු ඩොලර් 55ක් පමණ වෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් බැලුවොත් රුපියල් විසිදහසකට වැඩියි.
ලංකාවේ සංඛ්‍යාලේකන අනුව 2021 වර්ෂයේ මේ ආකාරයට නිත්‍යානුකුලව අපනයනය කෙරෙනු මුහුදු පිපිඤ්ඤා ප්‍රමාණය මෙට්‍රික් ටොන් 336ක්. එමගින් අපේ රටට උපයාගෙන තිබෙන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 50කට අධිකයි.
මුහුදු පිපිඤ්ඤා යනු තරු මාළු සහ මුහුදු ඉකිරියන් වැනි ජීවින් විශේෂයක්. මෙවැනි සාගර ජීවින් විශේෂ 1250 ක් පමණ ඇති අතර, මෙම සතුන්ගෙන් බොහොමයක් ඇත්ත වශයෙන්ම මෘදු ශරීර පිපිඤ්ඤා මෙන් හැඩගස්වා තිබෙනවා.
සමහර ජීවින් නොගැඹුරු ප්‍රදේශවල වාසය කරන අතර අනෙක් ඒවා ගැඹුරු සාගරයේ වාසය කරනවා. ඔවුන් ජීවත් වන්නේ සාගර පත්ලේ හෝ ඒ ආසන්නයේයි. සමහර විට එය අර්ධ වශයෙන් වැලි යට වැළලී තිබෙනවා.
මෙම ජීවි විශේෂය මගින් මුහුදු තිරයට විශේෂ කෘත්යක් ඉටුකරනවා. කුඩා ජීවි විශේෂ ආහාරයට ගැනීමෙන් පසුව ඔවුන් මලපහ කරනවා.
ඒවා නැවත සාගර පරිසර පද්ධතියට එකතුවී ප්‍රතිචක්‍රීකරණය කරනවා. පණුවන් භූමි පරිසර පද්ධති තුළ සිදුකරන කාර්යයක් මෙම ජීවින් විසින් සාගරය තුල ඉටු කරනවා.
මෙම මුහුදු පිපිඤ්ඤා වල ආයු කාලය අවුරුදු 5හේ සිට අවුරුදු 10ක් පමණ වෙනවා.
මුහුදු පිපිඤ්ඤා විශේෂ ගණනාවක් කුඩා සතුන්ට මාරාන්තික නමුත් මිනිසුන්ට විෂ නොවන විෂ ද්‍රව්‍යයක් පිට කරනවා. ධිවරයින් මසුන් මැරීමට පිපිඤ්ඤා යුෂ වතුරට දමනවා.
වාසනාවකට මෙන් මෙම ජීවින් වැඩි වශයෙන් සිටින්නේ ඉන්දියන් සාගරයේ සහ බටහිර පැසිෆික් කලාපයේ පමණයි.
ඖෂධ සාදාගැනීමට සහ ආහාරමය අතිරේක, ෂැම්පු සහ දන්තාලේප ඇතුළු බොහෝ නිෂ්පාදන නිෂ්පාදනය කිරීම සඳහා මුහුදු පිපිඤ්ඤා යොදාගන්නවා.
මේ සඳහා ඇති අධික ඉල්ලුම හේතුවෙන් ලොව පුරා බොහෝ මුහුදු පිපිඤ්ඤා වල මිල සීග්‍රයෙන් ඉහල යනවා.
මේ මුහුදු පිපිඤ්ඤා අපට නුහුරු නමක් වුනත් ආසියානු රටවල් වලනම් ප්‍රනීත ආහාරයක් ලෙස යොදාගැනෙනවා. ආතරයිටිස්, පිළිකා සහ බෙලහිනතවයටත්, හෘද රෝග සහ අක්මාවටත් ගුණදායක ආහාරයක්.
නිසි නීතිමය රාමුවක් තුල ධිවරයින්ම මෙම මුහුදු පිපිඤ්ඤා නෙලාගෙන අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන ගණනක් ඉපයීමේ හැකියාව තිබෙනවා.
ඉතින් මෙවැනි සම්පතක් අපේ රට වටා තිබියදී තවදුරටත් අපි සිගමන් යෙදීම කලයුතුද. ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන ගමන්ම වීඩියෝ එක හොඳනම් ලයික් එකක් දාන්න.
තවත් දිනයක මෙවැනිම අලුත් විඩියෝවකින් හමුවීමේ බලාපොරොත්තුව ඇතිව අදට සමුගන්නවා. ඔබට සුභ දවසක්.
No comments:
Post a Comment