Wednesday, October 30, 2024

ලොව විශාලම බස් 10

අංක 10 සෙට්රා top calass 500- ජර්මනියේ සෙට්රා සමගම විසින් නිෂ්පාදනය කර තිබෙන ඉහල කාර්යක්ෂම තාවයක් සහ ඉහල සුව පහසුවක් සහිත බස් රථයක් තමයි මේ. ලංකාවේ අපිටනම් මෙහෙම බස් එකක යන්න වෙන්නේ හීනෙන් තමයි.

සුව පහසුව වගේම ආරක්ෂාව අතිනුත් ඉහල මට්ටමක තිබෙන මෙම බස් රථයේ සම්පුර්ණ දිග මීටර් 14ක්. පළල මීටර් 2.5ක් සහ උස මීටර් 3.8ක්.

එමෙන්ම අශ්ව බල 500ක වේගයක් සැපයිය හැකි එන්ජින් ධාරිතාවයක් සමග රියදුරා ඇතුළු මගින් සියලු දෙනාගේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක පද්දතියක්ද  තිබෙනවා. මෙම බස් රථය වැඩිපුරම  යොදාගන්නේ දුර ගමන් සේවා සඳහායි.

දුර බැහැර ට්‍රිප් එකක් යන්න නම් කියාපු වාහනය. මෙහි උපරිම මගීන් සංඛ්‍යාව 50ක් ලෙසයි සඳහන් වන්නේ.

අංක 9 වෑන් හූල් TDX 27- මෙම බස්රථය නිෂ්පාදනය කර තිබෙන්නේ බෙල්ජියමේ වෑන් හූල් සමාගම විසන්. ඉහල මට්ටමේ සුව පහසුවක් සහ ආරක්ෂණ පද්දතියකින් සමන්විත වන මෙම බස් රථය තට්ටු දෙකකින් සමන්විත වෙනවා.

ඉතාමත් හොඳ ඉන්දන කාර්යක්ෂම තාවයක් තිබෙන මෙම බස් රථයේ සම්පුර්ණ දිග මීටර් 14ක්. පළල මීටර් 2.5ක් සහ උස මීටර් 4ක්. මෙම බස් රථයේ අශ්ව බල 483ක ඉන්ජින් ධරිතවයක්ධ තිබෙනවා. මෙහි උපරිම මගීන් සංඛ්‍යාව 95ක් ලෙසයි සඳහන් වන්නේ.

මෙම බස් රථයත් දුර ගමන් සඳහා ඉතාම සුව පහසුව ගමන් කිරීමේ හැකියාව තිබෙනවා.

අංක 8 වෝල්වෝ 9800- ඉතාම විශිෂ්ට ඉන්දන කාර්යක්ෂම තාවයක් සහිත මෙම බස් රථය වොල්වෝ සමගම විසින් නිර්මාණය කරපු ත්‍රි ඇක්සෙල් බස් රථයක් තමයි මේ.

මෙහි සම්පුර්ණ දිග මීටර් පහලවක්. පළල මීටර් 2.6ක්. මගීන්ට සහ රියදුරාට ආරක්ෂණ පද්දති කිහිපයක් සමග ස්වයංක්‍රියව බසයේ උස අඩු වැඩි කිරීමේ පහසුකමත් මේ සඳහා ලබාදීලා තියනවා.

මෙම බස් රථයත් දුර ගමන් සේවා සඳහාම නිපදවා තිබෙන අතර අශ්ව බල 500ක ඉන්ජිමක් එක්ක මගීන් 46 කට ගමන් කිරීමේ හැකියාව තිබෙනවා.

අංක 7 මාකෝපෝලෝ G7- නවීනම අංග උපාංග සමගින් මෙම බස් රතන නිෂ්පාදනය කර තිබෙන්නේ බ්‍රසීලයේ මාකෝපෝලෝ සමාගම විසින්.

මේ බස් එකෙත් සම්පුර්ණ දිග මීටර් 15ක් වන අතර පළල මීටර් 2.6ක් සහ උස මීටර් 4ක්. ඉන්දන ලීටර් 600ක ධාරිතාවයක් තිබෙන මෙම බස් රථයට පැයට කිලෝ මීටර් 120ක වේගයක් ලබාගන්න පුළුවන්. මෙම බස් රථයේ මගීන් 64දෙනෙකුට ගමන් කිරීමේ හැකියාව තිබෙනවා.

අංක 6 අකීයා අල්ට්‍රා- තුර්කියේ අකීයා සමගම විසින් නිෂ්පාදනය කරන මෙම බස්රථය ෆයිව් ඇක්සෙල් බසයක්. මීටර් 25ක් දිග මීටර් 2.4ක් පළල මීටර් 3.4ක් උස මෙම රථය වෙනස්ම ආකරයේ බස් රථයක් තමයි මේ.

සම්පුර්ණ දොරවල් 8කින් සමන්විත වන මෙම බසයේ මුළු මගීන් 290කට ගමන් කරන්න පුලුවන්. දැනටමත් මෙය තුර්කියේ නගර අතර ගමනාගමනය සඳහා භාවිතා කරනවා.

අංක 5 BYD 12- චීනයේ BYD සමාගම විසින් නගරාන්තර කෙටි ගමන් සඳහාම නිෂ්පාදනය කල මෙම බස් රථය සම්පුර්ණයෙන්ම ධාවනය වෙන්නේ විදුලියෙන්.

මීටර් 27ක් දිග මෙම රථයේ එකවර මගින් 250කට ගමන් කරන්න පුලුවන්. අශ්ව බල 800ක ඉන්ජිමක් එක්ක උපරිම පයට කිලෝ මීටර් 70ක වේගයක් ලබාගන්නත් හැකියාව තිබෙනවා.

ඒ වගේම අද වෙනකොට විදුලියෙන් දාවනය වන ලෝකයේ දිගම බස් රථය ලෙසත් හැඳින්වෙනවා.

අංක 4 වොල්වෝ B340- වොල්වෝ සමගම විසින් නිෂ්පාදනය කරපු අශ්ව බල 340ක එන්ජිමක් සහිත මෙම බස් රථය උපරිම පැයට කිලෝ මීටර් 60ක වේගයක් ලබාගන්න පුලුවන්.

මෙහි සම්පුර්ණ දිග මීටර් 28ක්. දැනටමත් ස්වීඩනයේ නගර අතර ධාවනය වන මෙම බස් රථයේ මගීන් 300ක් රැගෙන යන්නත් පුලුවන්.

අංක 3 ස්කානියා F360- පෙර කී බස් රථය වගේම මේකත් නිෂ්පාදනය කරලා තියෙන්නේ ස්වීඩනයයේමයි. උපරිම පැයට කිලෝ මීටර් 71ක වේගයක් ලබාගත හැකි මෙම රථය නඩත්තු කිරීමේ පිරිවැයත් ඉතාම අඩුයි.

මෙහි සම්පුර්ණ දිග මීටර් 28ක් වන අතර මේ වෙනවිටත් බ්‍රසීලය ස්වීඩනය වැනි රටවල් වල ධාවනය සඳහා යොදා ගන්නවා. එමෙන්ම මෙම බස් රථයේ මගීන් 280කට පහසුකම් තිබෙනවා.

අංක 2 මාකෝපෝලෝ B.R.T- බ්‍රසීලයේ මාකෝපෝලෝ සමාගමේ නිෂ්පාදිත මේ සුපිරි බස් රථයේ සම්පුර්ණ දිග මීටර් 27ක්. එමෙන්ම මුලු මගින් 230දක්වා රැගෙන යාමේ හැකියාව මෙම බස් රථයට තිබෙනවා.

දැනටමත් මෙම බස් රථය රටවල් කිහිපයකම භාවිතයට ගන්නවා. 

අංක 1 ඔටෝට්‍රෑම් එක්ස්ට්‍රා- ජර්මනියේ ගෝපෝ සමාගම විසින් නිෂ්පාදනය කල මෙම බස් රථය හයිබ්‍රිඩ් වර්ගයේ රථයක්. මෙහි සම්පුර්ණ දිග මීටර් 30ක්. 

අශ්ව බල 600ක ධාරිතාවයක් ඇති මෙම රථයේ මගින් 257ක් රැගෙන යාමේ හැකියාවත් තිබෙනවා.


No comments:

Post a Comment

ලංකාවට ඩොලර් ගෙනන මුහුදු පිපිඤ්ඤා

ලංකාව අද පත්වෙලා තියන අර්බුදකාරී තත්වයෙන් ගලවගන්න හොඳම ක්‍රමය තමයි විදේශ මුදල් අපේ රටට පැමිණීම වැඩි කිරීම. විවිධ ආකාරයන් වලින් ලංකාවට විදේශ ...