Made in China යන නාමය අද වෙනකොට ලෝකයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක දකින්න ලැබෙන නමක්. චීනයේ කාර්මික ප්‍රතිපත්තිය එහි අධි තාක්‍ෂණික අංශ සීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීම සහ එහි උසස් නිෂ්පාදන පදනම සංවර්ධනය කිරීම අරමුණු කර ගෙන තිබෙනවා, නමුත් ඇමරිකාව වැනි රටවල් නම් කියන්නේ චීනයේ මෙම සැලසුම් ලොවට තර්ජනයක් බවයි.
කොහොම වුනත් අතීතයේ දිළිඳු රටක් ලෙසින් ඉඳලා නැගී සිටි චීනය වර්තමානය වෙනකොට හිතාගන්න බැරි තරම් ඉදිරියට පැමිණිලා ඉන්නවා.
විදෙස් වෙබ් අඩවි පවසන ආකාරයට තවත් වසර 10කින් හෝ පහළවකින් ලෝකයේ බලවත්ම රාජ්‍යය චීනය වීමට ඉඩ තිබෙන බවයි.
ලංකාවේ වගේ රටක නම් ව්‍යාපෘති සිදු කරන්නේ කිසිම අරමුණක් නැතිව වුනාට චීනය වැනි රටවල් යම් ව්‍යාපෘතියක් සිදුකරන්නේ තමන්ගේ රටට සෙතක් වෙනවානම් පමණයි.
අද අපි ඔබට තොරතුරු අරගෙන එන්නේ දැනටත් වැඩ අවසන් වෙමින් පවතින ලෝකයේ විශාලම ගුවත් තොටුපල පිළිබඳවයි. මේ ගුවන් තොටුපල පිහිටලා තියෙන්නේ චීනයේ බිජිං නුවර.
මේ මහා ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නේ ඩැක්සිං එයාර්පෝර්ට් කියලා. මෙහි ඉදිකිරීම් අවසන් කරන්න නියමිත වෙලා තියෙන්නේ 2025 වර්ෂයේදීයි. ඒ වගේම මේ සුවිසල් ගුවන් තොටුපල අති නවීන පහසුකම් වලින් සමන්විත වෙනවා.
මෙම එයාර්පෝට් එකේ විශේෂත්වයන් කිහිපයක්ම තිබෙනවා. මූලික වශයෙන් මෙහි ආකෘතිය නිර්මාණය කර තියෙන්නේ ස්ටාර් ෆිෂ් මාළුවෙකුගේ හැඩයටයි. ඒ නිසා මේක නම් කරලා තියෙන්නේ ස්ටාර් ෆිෂ් එයාර්පොර්ට් යන නමින්.
මෙම දැවැන්ත ව්‍යාපෘතියේ විශාලත්වය කෙතරම්ද කිවහොත් එහි භුමි ප්‍රමාණය වර්ග මීටර් ලක්ෂ හතක පමණ භූමි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති මෙම ගුවන් තොටුපල සාමාන්‍ය පාපන්දු පිට්ටනි 98ක තරම් විශාලත්වයක් තිබෙනවා.
දැනට චීනයේ ඇති ප්‍රධානම ගුවන් තොටුපලත් ඉතාම විශාල එකක්. මෙයද ලෝකයේ තිබෙන කර්යභහුලම ගුවන් තොටුපල ලෙසිනුත් සැලකෙනවා. හැබැයි ඒ ගුවන් තොටුපල සෑම වසරකම එහි උපරිම ධාරිතාවය ඉක්මවා යනවා.
මේ හේතුව නිසාමයි නව ගුවන් තොටුපලක අවශ්ෂ්‍ය තාවයක් චීනයට ඕන වුනේ. මෙහි පළමු අදියර 2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ එරට ජනපති ශී ජින් පින් මහතා අතින් වැඩ ආරම්භ කළා.
එමෙන්ම මේ සඳහා වැයවන මුලද ලෙස දැනට ඇස්තමේන්තු ගතකර ඇති මුදල වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 63ක්.
ලෝකප්‍රකට ඉරාක ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු තමයි මේ ව්‍යාපෘතිය සඳහා සැලසුම් සකස් කරලා තියෙන්නේ.
රොයිටර් පුවත් වෙබ් අඩවිය සඳහන් කරන විදියට නම් මෙම ගෘහ නිර්මාණ ශිල්පින් තෝරාගෙන තියෙන්නේ සම්මුක පරීක්ෂණයකින් අනතුරුවයි. ඔවුන් සඳහන් කරන විදියට මෙම නිර්මාණය කරලා තියෙන්නේ තවත් වසර සිය ගණනක තාක්ෂණයට ගැලපෙන ආකාරයටයි.
මේ නිර්මාණය චීන සංස්කෘතිය ඇතුලේ වැදගත් ස්ථානයක් ලබාදී ඇති ස්ටාර් ෆිෂ් මාළුවෙකුගේ හැඩයෙන් නිර්මාණය කලෙත් ඒ නිසම බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.
මෙම ගුවන් තොටුපලේත් පිවිසුම් දොරටු මගීන්ට පහසු වන ආකාරයෙන් නිර්මාණය කරලා තියනවා. එමෙන්ම ආරක්ෂක පිවිසුම අවසන් වූ පසු මගීන්ට මිනිත්තු අටකටත් අඩු කාලයකින් ගුවන් යානයට ලඟා වෙන්න පුලුවන්.
එමෙන්ම මෙම ගුවන් තොටුපලේ තවත් විශේෂත්වයක් වෙන්නේ මේ සඳහා අවශ්ෂ්‍ය සියලුම විදුලිය ලබාගන්නේ සූර්ය පැනල මගින්. ඒ වගේම මේ එයාර් පෝට් එක අභ්‍යන්තරයේ වැසි ජලය එකතු කරලා ඒවා පිරිපහදු කරලා පිරිසුදු ජය නිපදවීමේ ක්‍රියාවලියකුත් සිදුකරනවා.
එමෙන්ම මෙය නිර්මාණය කරලා තියෙන්නේ ධරුනු ගංවතුරකට සුනාමියකට හෝ ඕනෑම ව්‍යසනයකට ඔරොත්තු දෙන ආකාරයටයි. දැනටත් බොහෝ වැඩ වසන් කර තිබෙන මේ ගුවන් තොටුපලේ සියලු වැඩ අවසන් කරමින් 2025 වසරේ ජනතා අයිතියට පැවරීමට සුදානම් කරලා තියනවා.
මෙම ව්‍යාපෘතිය අවසන් වුනාට පස්සේ වසරකට මගීන් මිලියන 100ක් හැසිරවීමේ පහසුකම් තිබෙන බවයි චීනය පවසන්නේ.
2025 වසර වෙද්දී ලෝකයේ විශාලතම මෙන්ම තාක්ෂණික වශයෙන් දියුණු ගුවන් තොටුපල චීනයේ විවෘත්ත වෙනවා. මේ ව්‍යාපෘතියට සමගාමීව චීනය තවත් ගුවන් තොටුපල 74ක් රටපුරා නිර්මාණය කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලයි චීන වෙබ් අඩවි සදහන් කර තිබෙන්නේ.
මේ හරහා ඔවුන් රටේ සංවර්ධනය වැඩි කරන්න බලාපොරොත්තු වුනත් මේ සියලු දේවල් වල යටි අරමුණ වී ඇත්තේ ලොව සියලු රටවල් අභිභවා ඉහලට පැමිණීමයි.
දැනට විදෙස් වෙබ් අඩවි විසින් පලකරලා තියන දත්ත වලට අනුව දැනට ලෝක වෙළඳපලේ ප්‍රමුක තැනක් හිමිවෙලා තියෙනේ ඇමරිකාවට. ඉතින් චීනයේ අරමුණ තමයි 2030 වසර වෙද්දී ලෝක වෙළඳපලේ මාකට් එක සම්පුර්ණයෙන්ම තමා යටතට ගන්න.
එමෙන්ම මේ වෙනකොට චීනය විසින් පරිසර හිතකාමී ගුවන් යානා නිෂ්පාදනය කරන්නත් පටන් අරගෙන් තියනවා. චීනය බලාපොරොත්තු වෙනවා ඉදිරි වසර කිහිපය වනවිට සමස්ත ගුවන් යානා සංඛ්‍යාවෙන් සියයට 50ක් දක්වා වර්ධනය කරන්න.
මේ නිසා මෙලෙසින් ඉහලයන ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ලබාදීම වෙනුවෙන් චීනයේ නිර්මාණය වන මෙම ගුවන් තොටුපලවල් වලින් අවැඩක් වෙන්නේ නම් නැහැ.
එපමණක් නොවෙයි චීනයේ සෑම ගුවන් තොටුපලකම මිනිසුන් වෙනුවට රොබෝ තාක්ෂණයෙන් සියලු කටයුතු සිදුකරන්නත් බලාපොරොත්තු වෙනවා.
මේ තත්වයට යටතේ 2025 වසර වනවිට මේ ස්ටාර් ෆිෂ් ගුවන් තොටුපල ලෝකයේ ප්‍රධානම ගුවන් තොටුපල අනිවාර්යෙන්ම පත්වීමට නියමිතයි.
2015 දී නිකුත් කරන ලද, Made in China 2025 ව්‍යාපෘති මාලාව යනු අධි තාක්‍ෂණික කර්මාන්ත දහයක් වේගයෙන් සංවර්ධනය කරමින් චීනයේ නිෂ්පාදන පදනම යාවත්කාලීන කිරීමේ රජයේ දස අවුරුදු සැලැස්මයි.
මේවා අතර ප්‍රධාන වන්නේ විද්‍යුත් කාර් සහ අනෙකුත් නව බලශක්ති වාහන, ඊළඟ පරම්පරාවේ තොරතුරු තාක්ෂණය සහ විදුලි සංදේශ, සහ උසස් රොබෝ තාක්ෂණය සහ කෘතිම බුද්ධියයි.
අනෙකුත් ප්‍රධාන අංශවලට කෘෂිකාර්මික තාක්ෂණය ඇතුළත් වෙනවා. අභ්යවකාශ ඉංජිනේරු, නව කෘතිම ද්රව්ය, උසස් විදුලි උපකරණ, නැගී එන ජෛව ඖෂධ, ඉහළ මට්ටමේ දුම්රිය යටිතල පහසුකම් සහ අධි තාක්ෂණික නාවික ඉංජිනේරු ක්‍රමවේද භාවිතා කරමින් චීනය දැනටමත් මේ සියලු අංශයන් වල වැඩ ආරම්භ කරලා තියනවා.
චීනයේ නිෂ්පාදිත 2025 මුලපිරීම ප්‍රමුඛතා අංශ දහයක් ඉස්මතු කර තිබෙනවා. ඒ අතරින් නව පරම්පරාවේ තොරතුරු තාක්ෂණය, උසස් සංඛ්‍යාත්මක පාලන යන්ත්‍ර මෙවලම් සහ රොබෝ තාක්ෂණය, ගුවන් යානා එන්ජින් සහ ගුවන් උපකරණ ඇතුළුව අභ්‍යවකාශ තාක්ෂණය, ජෛව ඖෂධ, ඉහළ කාර්ය සාධන වෛද්ය උපකරණ, විදුලි උපකරණ, ගොවිතැන් යන්ත්‍ර, දුම්රිය උපකරණ, බලශක්ති ඉතිරිකිරීම් සහ නව බලශක්ති වාහන, සාගර ඉංජිනේරු යන තාක්ෂනයන් වැඩි දියුණු කිරීමට ඔවුන් දැනටමත් කටයුතු කරමින් සිටිනවා.
අද වෙනකොට කෙටි කාලයක් තුළ චීනය තාක්ෂණික පසුබිමක සිට ලොව විශාලතම ඩිජිටල් ආර්ථිකයක් බවට පත් වී තිබෙනවා. වසර දෙකකට පසුව මෙතෙක් කෙටිම කාලය තුළ ඩොලර් බිලියන 1 ක අගයකට ළඟා වූ සමාගම් 10 න් අටක් චීන සමාගම් බවත් අනාවරණය වුනා.
මෙසේ බලද්දී අනාගත ලෝකයේ බලවතා චීනය වන බවටනම් කිසිදු සැකයක් නැහැ. ඇත්තෙන්ම කිව්වොත් චීනය කියන්නේ දිය යටින් ගින්දර ගෙනියන්න පුලුවන් මොලකාරයෝ ඉන්න රටක් කියලා ඔයාලා දන්නවනේ.
හොඳින් බැරිනම් නරකින් හරි චීනය ලෝකයේ බලවත් රාජ්ජ්‍ය බවට පත්වෙනවා. අනිත් රටවල් වලින් චීනයට බලපෑමක් ඇතිවුනොත් තව වෛරස් එකක් හදලා මිනිස්සු මරලා හරි ගොඩයන ජාතියේ රටක් තමයි චීනය කියන්නේ.
චීනය තමන්ගේ බලපුළුවන්කාරකම් ලෝකයටම පෙන්වමින් ඉන්න බව හැමෝම දන්නා දෙයක්.
අද වෙනකොට සංවර්ධනය වෙමින් පවතින් සෑම රටකටම ණය ලබාදෙමින් චීනය එම රටවල් වල විශාල ව්‍යාපෘති සකසමින් සිටිනවා. අපි ජිවත් වෙන ලංකාවත් චීනයට අයිති හෙම රටක් තමයි.
No comments:
Post a Comment