සෑම පුද්ගලයෙකුටම අද්විතීය හා සුවිශේෂී වන හැකියාවන් තිබෙනවා. කෙසේ වෙතත්, මේ ලෝකයේ ඇත්ත වශයෙන්ම සිටින ඔබ විශ්වාස නොකරන තරමේ මිනිසුන් සිටිනවා. හිසකෙස් සහ කන් වලින් පවා බර එසවිය හැකි මිනිස්සු මේ ලෝකයේ ඉන්නවා.
කාටුන් වල නෙවෙයි මෙම පුද්ගලයින් සැබෑ ජීවිතයේ ඉන්නවා. එවැනි මිනිසුන් 8 දෙනෙකු ගැනයි අද වීඩියෝ එකෙන් අපි කතාකරන්නේ.
අංක 1- ජුලී ෆෙල්ටන්. මේ ඔබ දකින්නේ ලොව විශාලතම පාද දෙක හිමි කාන්තාවයි. පාද දෙක කිව්වට ඇයගේ පාද වල යටි පතුල් පමණක් අසාමාන්‍ය ලෙස විශාලයි. මෙයින් අදහස් කරන්නේ ඇයගේ විවාහ මංගල්යය සඳහා සපත්තු සොයා ගැනීම පුදුමයට කරුණක් නොව, ගැටලුවක් වී ඇති බවයි.
එක්සත් රාජධානියේ ජිවත් වන ඇය 49 හැවිරිදි වියේදී විවාහ වූ අතර, ලොව විශාලතම පාද හිමි ගැහැණිය වන ඇගේ අසාමාන්‍ය ලක්ෂණ සඳහා විශේෂයෙන් සාදන ලද සපත්තු යුගලයක් පැළඳ සිටියා. ඇයගේ දකුණු පාදය සෙන්ටිමීටර 32.9ක්. වම් පාදය සෙන්ටිමීටර 32.73ක්.
ඇත්තෙන්ම ඇයට ගැළපෙන සපත්තු සෙවීමට උත්සාහ කිරීම බොහෝ දුරට කළ නොහැක්කකි, එමෙන්ම ඇයගේ උසත් අඩි 5යි අඟල් 6ක්. ජුලීගේ පාද කෙනෙකුගේ ප්‍රමාණයට වඩා පැතලියි.
ඇය කියන විදියට සාප්පු සවාරි ගියාම සපත්තු තෝරාගන්නේ නැහැ. මොකද තමාට හරියන සපත්තු නැති නිසා ඇඳුම් පමණක් අරගන්නවා.
අංක 2- අයිසැක් ජොන්සන්. එංගලන්තයේ සිටින මෙම තරුණයාට ඔහුගේ මුඛයෙන් චීස්බර්ගර් හතරක් එකවර ආහාරයට ගත හැකි අතර එය ඔප්පු කිරීමට ලෝක වාර්තාවක් තබා තිබෙනවා.
ජොන්සන්ට සෙන්ටි මීටර් 10ක් දක්වා ඔහුගේ මුකය විවෘත්ත කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් විශාල චීස් බර්ගර් එකක් අනුභව කරන විට ඔබේ මුඛය ප්‍රමාණවත් ලෙස විවෘත කිරීමට ඔබට ගැටලුවක් තිබේද?
හැබැයි ඉතින් මේ එක්සත් ජනපද යෞවනයාට ඔහුගේ මුඛයේ චීස්බර්ගර් එකක් නොව හතරක් සඳහා මුකය විවෘත්ත කල හැකි නිසා ඔහුට එවැනි කරදරයක් නැහැ.
ඔහුගේ මුඛයේ පරතරය ඔහුගේ ඉහළ දත්වල සිට පහළ දත් දක්වා සෙන්ටිමීටර 10.19ක්. මෑතකදී අයිසැක්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ඔහු චීස් බර්ගර් හතරක් එකවර කටට දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් දක්වා තිබුනා.
අගෝස්තු 28 වෙනිදා නිකුත් කරන ලද මෙම වීඩියෝව මිලියන 4.6 කට වැඩි පිරිසක් නරඹා තිබෙනවා.ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයෙකු අදහස් දක්වමින් කියා තිබුනේ “ඇත්ත වශයෙන්ම මෙය දැක මම එහි බියට පත් වුණා කියලයි. මේ තරුණයාට අවුරුදු 14ක් වන විටත් සෙන්ටිමීටර 9.34 ක් මුකය විවෘත්ත කරන්න හැකියාව තිබිලා තියනවා.
අංක 3- මැසි කරින්. ඇමරිකා එක්සත් ජනපදයේ තරුණියක් වන මැසී 2020 වසරේ ලොව දිගම පාද හිමි තරුණිය ලෙස වාර්තා පොත් අතරට එකතු වුනා. එවිට ඇයගේ වයස යන්තම් අවුරුදු 17ක්. ඇයගේ එක් පාදයක උස සෙන්ටි මීටර් 135.2ක්.
ටෙක්සාස්හි සීඩාර් පාර්ක් ප්‍රදේශයේ ජිවත් වන ඇයගේ අනෙකුත් පවුලේ සාමාජිකයින් සාමාන්‍යයෙන් උස උනත් ඇගේ අනෙකුත් සහෝදර සහෝදරියන් හෝ දෙමාපියන් කිසිවෙකු ඇගේ උසට සමකරන්න බැහැ. උස අඩි 6යි අඟල් 10 ක් වන ඇගේ කකුල් ඇත්ත වශයෙන්ම ඇගේ මුළු උසින් 60% ක්.
එවැනි දිගු කකුල් තිබීම ප්‍රතිලාභ සහ අභියෝග යන දෙකම තිබෙනවා. ඇයට තිබෙන ප්‍රධානම ප්‍රශ්න තමයි දොරටු හැරයා යාම අපහසු වීම, වාහනයකට නැගීමට නොහැකි වීම, ඇඳුම් තෝරාගැනීම අපහසු වීම සහ නිදාගන්නත් වෙනමම දිගු ඇඳක් අවශ්ෂ්‍ය වීම වැනි කාරණායි.
ඇය දැන් සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok හි බෙහෙවින් ජනප්‍රිය වන අතර, ඇයගේ වාර්තාගත වීඩියෝ දර්ශන මිලියන ගණනක් ප්‍රේක්ෂකයින් නරඹා තිබෙනවා. අනාගතයේදී ඇය එක්සත් රාජධානියේ විද්‍යාලයකට ගොස් ලොව උසම වෘත්තීය නිරූපිකාව වීමේ වාර්තාව ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් කියනවා.
අංක 4- ලොව දිගම දිව සහිත මිනිසා. ඇමරිකා එක්සත් ජනපදයේ ජිවත් වන මේ තරුණයා නම් පවසන්නේ තමාට ලැබී ඇති දිව තෑග්ගක් බවයි.
ඔහුගේ දිව 2021 දෙසැම්බර් 24 වන විට දිවෙහි වට ප්‍රමාණය අඟල් 4.8ක්. ඔහු මුලින්ම ඔහුගේ අද්විතීය ලක්ෂණය අවබෝධ කර ගත්තේ වෙනත් කෙනෙකුගේ දිවේ වට ප්‍රමාණය පෙන්වන වීඩියෝවක් නැරඹීමෙන් පසුවයි, ඔහු තමාගේම වට ප්‍රමාණය මැනීමට උත්සාහ කිරීමට තීරණය කිරීමෙන් පසුව වීඩියෝවක් කරලා සමාජ මාධ්‍යට එළිදක්වලා තියනවා.
ඉන් පසුව ඔහුගේ පළමු වීඩියෝ පටය තුලින්ම ලොව පුරා ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. දිවේ බහුකාර්යතාව නිසා එය මිනිස් සිරුරේ ශක්තිමත්ම මාංශ පේශිවලින් එකක් බවට පත් කරනවා, අපට කතා කිරීමට සහ ආහාර ගැනීමට ඉඩ සලසලසන්නේ දිව. කෙසේ නමුත් ඔහුගේ දිව අවධානය යොමු කිරීමේ කේන්ද්‍රය වීම නිසා වෙහෙසට පත් වන අතර විවේකයක් අවශ්‍ය වන අවස්ථා තිබේ.
ඔහුගේ වාර්තාගත ජයග්‍රහණය ගැන ඇදහිය නොහැකි තරම් ආඩම්බර වුවද, ඔහුගේ අසාමාන්‍ය ලෙස විශාල දිව ගැන සෑම කෙනෙකුම එතරම් පැහැදෙන්නේ නැහැ. සමහර අයට මේවා දකිද්දී අප්පිරියා හිතෙනවානේ.
කෙසේ වෙතත්, මේ තරුණයා නම් කියන්නේ ඔහුගේ දිව ඇදහිය නොහැකි තරම් ආඩම්බර විය යුතු ගුණාංගයක් බවයි.
ලොව දිගම ගැහැණු දිව තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හි චැනල් ටැපර්ට වන අතර එහි ප්‍රමාණය අඟල් 3.8ක්
No comments:
Post a Comment